The Oriental Studies Society of Sri Lanka
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම
The history of Sri Lanka Oriental Studies Society is more than one hundred years. Many educated and intelligent priests and lay scholars went to the society from here.
Western knowledge developed in this country during the Portuguese, Dutch and English rule but the spread of oriental languages and philosophy was very low. Also there was no suitable education system for it.
The Department of Public Education was established in 1968. Director of Education John Stewart Lowry was the head of this. The aim of Department of Public Education was to improve English education but Sinhalese people needs to develop an education system based on their native language.
In the 18th century, Most Venerable Sarankara Sangharaja Thera developed oriental & native education in this country. As a result of this, in 1958, the Ratmalana Paradammachetiya Pirivena was started. Also started Vidyodaya pirivena, Maligakande by moste venerable Hikkaduwe sri Sumangala nayaka thera in 1873 and Peliyagoda Vidyalankara pirivena by most venerable sri Dharmaloka thera in 1875. Due to this, native & oriental education was improved.
- W. Grief, an English officer, made a deep inspection about Pariven education and he saw there were more educational & ethical values. He agreed to pay an annual grant of one thousand rupees to Vidyodaya Piriva.
The “Vidvath Parshada” of Oriental Studies Society started under the chairmanship of Education Director M.S. Barros in 24th july 1902. The team consisted of twenty-three people as follows.
- Eight Buddhist monks include principals of Vidyodaya & Vidyalankara pirivena.
- Two pastors
- Education Director
- Seven other members
The objectives of this were to study Sinhala, Pali, Sanskrit languages, conduct examinations, develop oriental and archeological education, etc. For this, the Pandita Sabha was established with the help of W. F. Gunawardena Mudali
- A.Baros (Director of Education)
- Most venerable Hikkaduwe sri Sumangala thera
- Most venerable Waskaduwe Sri Subjuthi thera
- Most venerable Heiyanthudawe Dewamitta thera
- Most venerable Mahagoda Jnanissara thera
- Most venerable Telwatte Seelananda thera
- Pastor F.A. De Edirisinghe
- Pastor C.W. De Silwa
- C.M.Fernando
- C.S.Dissanayake
- J.Karunarathne (Sandaresa Newspaper editor)
- Don Bastiyan (Daily news Newspaper editor)
- S.Silwa (Sarasawi Newspaper editor)
- J.Wickramasinghe (Shatbhasha Newspaper editor)
- F.Gunawardhana (The Secretory
Are first participants of Pandit Sabha.
In the year 1902, the syllabus for the Oriental Examinations was prepared and the first Oriental preliminary Examination was held in October 1903. 43 candidates faced for this and 23 passed. Oriental Intermediate Examination in the year 1906 & 1910 the Oriental Final Examination was held. Vidurpola Piyathissa Thera, a student of Paramadhamchethiya Pirivena, was the first to pass the Oriental final exam. The layman who passed the Oriental final exam for the first time is Dr. G.P. Wickramarachchi who was the founder of the Gampaha Wickramarachchi University.
ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම පිහිටුවා මේ වන විට ශතවර්ෂාධික ව ඇත. උගත් බුද්ධිමත් ගිහි පැවිදි පඬිරුවන් විශාල පිරිසක් දැයට දායාද කරන්නට ලැබීම සමාගම ලද විසල් ජයග්‍රහණයකි.
පෘතුගීසි, ලන්දේසි මෙන් ම ඉංග්‍රීසි හා බටහිර ජාතීන්ගේ බලාධිකාරය යටතේ ගෙවී ගිය අතීතයේ දී බටහිර භාෂා ශාස්ත්‍රයන්ට දොරටු විවර වූවා මිස පෙරදිග භාෂාවන් හා ආගම දර්ශනය හසුරුවන්නට ව්‍යාප්ත කරන්නට ලැබුණු ඉඩකඩ සීමිත විය. මේ සඳහා විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් ද නො තිබිණි. 1868 වර්ෂයේ දී ප්‍රසිද්ධ අධ්‍යාපන දෙපාර්තමේන්තුව පිහිටුවන ලද අතර එහි අධ්‍යාපන බලධරයා වශයෙන් පත් ව ආයේ ජෝන් ස්ටුවට් ලෝරි නම් අධ්‍යාපන අධක්ෂවරයා ය. ඉංග්‍රීසි පාලන සමයේ ඉංග්‍රීසි අධ්‍යාපන දියුණු කිරීමේ අරමුණ ඉංග්‍රීසි ආණඩුව තුළ පැවතිණි. එහෙත් මෙරට සිංහල ජනතාවගේ මූලික අපේක්ෂාව වූයේ, ස්වභාෂා ප්‍රතිපත්තිය යටතේ මෙරටෙහි ක්‍රියාත්මක වූ ස්වදේශීය භාෂාවකට ප්‍රධාන තැනදුන් අධ්‍යාපනය මඟින් සංවර්ධනය ඇති කිරීමයි.
දහ අටවන සියවසේ අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේ විසින් දල්වා තිබූ ශාස්ත්‍රඥානයේ පහන්සිළු මේ වන විටත් දැල්වෙමින් තිබුණි. 1858 වර්ෂයේ රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙණ ආරම්භ වීම එහි එක් ප්‍රතිඵලයකි. 1873 වර්ෂයේ දී හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන් විසින් මාලිගාකන්දේ විද්‍යෝදය හා 1875 වර්ෂයේ දී ශ්‍රී ධර්මාලෝක නා හිමියන් විසින් පෑලියගොඩ විiාලංකාර පිරිවෙන් ආරම්භ කිරීම දිවයින පුරා භාෂා ශාස්ත්‍ර ප්‍රබෝධය ඇති කිරීමට මහත් රුකුලක් විය. භාෂා ශාස්ත්‍ර ප්‍රගමනය නිසා ශාසන උද්දීප්තියට උරදෙන සර්වභෞම පාණ්ඩිත්‍යයෙන් සුපතල කීර්තිමත් යතිවරු රැසක් බිහි විය.
එච්. ඩබ්. ග්‍රීෆ් සුදු පාලක නිලධාරියෙකු වුව ද එවකට රටේ පැවති පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ ඔහු දහම හා භාෂා ශාසත්‍ර පුනර්ජීවයට පත් කිරීමෙන් ලාංකික ජනතාව සංස්කෘතික වශයෙන් විධිමත් ප්‍රගමනයක් කරා යොමු වන අතර, මහ සඟරුවන බොහෝ ඇසූ පිරූ තැන් ඇති විනයගරුක සුවිසල් පිරිසක් බවට පත්වන බව හැඳින ගත්තේ ය. තව ද විද්‍යෝදය පිරිවෙනට වාර්ෂිකව රුපියල් දහසක ආධාරයක් ගෙවීමට ද හෙතෙම තීරණය කළේ ය.
ප්‍රාචීන භාෂෝපකාර සමාගමට අදාළ අගනා විද්වත් පර්ෂදය ආරම්භ වන්නේ එම්. එස්. බාරොස් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ කාලයේ දී ඔහුගේ ප්‍රධානත්වයෙනි. විද්‍යෝදය හා විiාලංකාර පරිවේණාධිපතීන් වහන්සේලා ප්‍රධාන පැවිදි අටනමක් ද දේවගැති දෙපළක් ඇතුළු පසළොස් දෙනෙකුගෙන් ද සමන්විත විසිතුන් දෙනෙකුගේ කණ්ඩායමකින් සැදුම් ලද ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම 1902 ජුලි මස 24 වන දින ආරම්භ විය. මේ වනාහි තෙවලා දහමත්, භාෂාශාස්ත්‍රයත් පිළිබඳ උසස්තම පරිඥානයක් ඇති මෙරට පඬිවරුන්ගේ පර්ෂදය යි. ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ප්‍රධාන අරමුණ වූයේ සිංහල, පාලි, සංස්කෘත භාෂා ප්‍රගුණ කරවා ඒ සම්බන්ධ විභාග පවත්වා ප්‍රාචීන හා පුරාවිiාවන් පිළිබඳ පූර්ණ ඥානයක් අත්පත් කර දීම ය. මෙකී කාර්ය සඳහා පණ්ඩිත සභාව පිහිටුවීමෙහිලා පුරෝගාමී වූයේ ඩබ්. එෆ්. ගුණවර්ධන මුදලිතුමන් ය.
එම්. ඒ. බරෝස් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා සහාගිත්වය දැරූ අතර, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, රත්මලානේ ශ්‍රී ධර්මාරාම නා හිමි, වස්කඩුවේ ශ්‍රී සුභූති නා හිමි, හෙයියන්තුඩාවේ දේවමිත්ත නා හිමි, මහගොඩ ඥානිස්සර මහතෙරුන්වහන්සේ, තෙල්වත්තේ සීලානන්ද මහ තෙරුන් වහන්සේ, ගෞරව එෆ්. ඒ. ද එදිරිසිංහ දේවගැතිතුමා, සී. ඩබ්ලියු. ද සිල්වා දේවගැතිතුමා, සී. එම්. ප්‍රනාන්දු මහතා, ජේ. ජී. සී මැන්දිස් මහතා, සර් ඩී. බී. ජයතිලක මහතා, ඒ. මැන්දිස් ගුණසේකර මහතා, ඩබ්. ජී. රණසිංහ මහතා, සයිමන් ද සිල්වා මහතා, සී. එස්. දිසානායක මහතා, ජේ. කරුණාරත්න මහතා (සඳරැස පත්‍රයේ කර්තෘ) සී. දොන් බස්තියන් මහතා (ඩේලිනිව්ස් පත්‍රයේ කර්තෘ) සීි. එස්. සිල්වා මහතා (සරසවි පත්‍රයේ කර්තෘ) ඒ. ජේ. වික්‍රමසිංහ මහතා (ෂට්භාෂා පත්‍රයේ කර්තෘ), ඩබ්. එෆ්. ගුණවර්ධන මහතා (සමාගෙමේ ලේකම්) ආදීහු මුල් ම රැස්වීමට සහභාගී වූ උතුමෝ ය.
1902 වර්ෂයේ අගෝස්තු මාසයේ දී ප්‍රාචීන විභාග සඳහා නිර්දේශ සම්පාදනය කෙරිණි. ඒ යටතේ ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම හා අවසාන විභාග සඳහා නිර්දේශ සකස් කොට ප්‍රාරම්භ විභාගය 1903 ඔක්තෝම්බර් මාසයේ දී පවත්වන ලදි. විභාගයට ඉදිරිපත් වූ 43 කින් 23 දෙනෙක් සමත් වූහ. 1906 වර්ෂයේ දී මධ්‍යම විභාගය පැවත් වූ අතර ප්‍රාචීන අවසාන විභාගය පැවැත්වූයේ 1910 වර්ෂයේ දී ය. එවකට පරමධම්මචේතිය පිරිවෙනේ ශිෂ්‍යවර ව සිටි විදුරුපොළ පියතිස්ස හිමියෝ පැවති සියලු විභාගවලින් සමත් ව ලංකාවේ ප්‍රථම රාජකීය පඬිරුවන බවට පත් වූහ.
1913 වර්ෂයේ දී රාජකීය පණ්ඩිත උපාධිය හිමිකරගත් ගිහි පඬිරුවන වන්නේ, ගම්පහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය බිහිකළ ආයුර්වේද ශිරෝමනී ගම්පහ ජී. පී. වික්‍රමාරච්චි මැතිතුමන් ය.
පෙරදිග භාෂා ශාස්ත්‍ර අධ්‍යයන ක්‍රියාවලියේ පරතෙරට පත් ශාස්ත්‍රඥයින් දහසකට අධික සංඛ්‍යාවක් බිහිකරන්නට ලැබීම ප්‍රාචීන භාෂෝපකාර සමාගම ලද භාග්‍යයකි. ජයග්‍රහණයකි.